• (+94) 362258306
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Eheliyagoda Dharmapala M.V.

ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය (ජාතික පාසල)

රත්නපුර කලාපය

  • Register
  • Login
Eheliyagoda Dharmapala M.V.

ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය (ජාතික පාසල)

රත්නපුර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යය සාධනය
    • ඇතුලත් කරගැනීම්
      • සාමාන්‍ය පෙළ ඇතුලත් කරගැනීම
      • උසස් පෙළ ඇතුලත් කරගැනීම
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

ර/ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය 2022 වර්ෂය වන විට වසර 96ක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් පවසන ස්ථානයකි.

ඇහැලියගොඩ අධ්‍යාපන කොට්ඨාසය, රත්නපුර අධ්‍යාපන කලාපය, සබරගමුව පළාත, ශ්‍රී ලංකාව පමණක් නොව ජාත්‍යන්තරයද තරණය කරමින් ප්‍රදේශයේ විශාල දූ-දරු පිරිසකගේ අනාගත සුබසිද්ධිය සලසාලමින් දිනෙන් දින සංවර්ධනය වෙමින් පවතින අධ්‍යාපන තෝතැන්නකි.

ක්‍රිස්තු වර්ෂ 1926 දී සිසු සිසුවියන් 16 දෙනකු හා ගුරුභවතුන් දෙදෙනෙකු සමඟින් ඒ.එම්. පෙරේරා මුල් ගුරුතුමාගේ නායකත්වයෙන් ඇරඹ් කෑ/කැන්දන්ගමුව ප්‍රාථමික විද්‍යාලය එහි මුල් නාමය වේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අටුලුගම පනාවල් දෙකෝරලයේ ඇහැලියගොඩ කැන්දන්ගමුව ග්‍රාමයේ, ඉහළගම වසමේ වර්තමාන ධර්මපාල මහා විද්‍යාලය පවතින උස් භූමි බාගය එවකට වන්නකු අප්පුහාමි මහත්මාගේ ඉඩම්  පරිත්‍යාගයෙන් ‍ප්‍රාථමික විද්‍යාලයක් බවට පත් විය. ඒ එක ම පාසල් ගොඩනැගිල්ලකින් යුතුවය.

දීර්ඝ කාලයක් එක ම ගොඩනැගිල්ලේ පන්ති පවත්වමින් පැමිණි ගමන් මග වෙනස් කරමින් 1963 වර්ෂය වන විට ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය නමින් පළමු වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණියට පන්ති පැවැත්වෙන විද්‍යාලයක් බවට පත්විය. ඒ, වයි.ඩී.බී. කරුණාරත්න විදුහල්පතිතුමාගේ කාලයේය.

මේ විද්‍යාලයට ධර්මපාල යන නම ලැබීම සම්බන්ධව ද ජනප්‍රවාද පවතී. අනගාරික ධර්මපාල තුමා රටපුරා ධර්මය ප්‍රචාරය කෙරෙන අවධියේ, ඇහැලියගොඩ අවට ධර්ම චාරිකාවේ හැසිරෙද්දී මෙම භූමියේ විවේක සුවයෙන් ගත කළ බව පැවසේ. මේ වන විට අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුව ඉදිවී ඇත්තේ එම ස්ථානයේ ය.

විද්‍යාලය ඇරඹී වසර 50ක් ගතවී 1976 වනවිටත් සිසු සිසුවියන් 644 හා ගුරුභවතුන් විසි එක් දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් සිටිය අතර විදුහල්පතිවරුන් මාරු වෙමින් ඉදිරියට ගෙන ආ මෙම විද්‍යාලය 1998 වර්ෂයේදී වෙනසකට භාජනය විය.

1988 වර්ෂයේදී ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලය, ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය හා ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් තුනම ඒකාබද්ධ කෙරිණි. ඒ එස්.පී. විතාරම විදුහල්පතිතුමාගේ කාලයේය. දැනට ර/ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලය පවත්නා ස්ථානයේ පළමු වසර සිට පහ වසර දක්වා ද ධර්මපාල මහා විද්‍යාලයේ 6,7,8 ශ්‍රේණි ද, ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ 9 ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වා ද පන්ති පැවැත්වුණි.

1993 වර්ෂයේදී සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මේ විද්‍යාලය නැවත පළමු වසර සිට අ.පො.ස. (සා/පෙළ) දක්වා පැවැත්වෙන පරිදි 2 වන ශ්‍රේණියේ පාසලක් ලෙස ස්ථාපිත කරන ලදී. ඒ වන විට විදුහල්පති ඒ.ආර්. ධනවර්ධන මහත්මා විසින් කාර්යක්ෂමව හා ඉතා දක්ෂ පාරිපාලකයකු ලෙස කටයුතු මෙහෙයවූ අතර විදුහලේ ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස එම කාල පරිච්ඡේදය කවුරුත් හදුන්වයි. එම විශිෂ්ට නායකත්වය ගෞරවය ඒ.ආර්. ධනවර්ධන මහත්මාට හිමිවිය යුතුය. එතුමා විසින් උසස් පෙළ කලා හා වාණිජ අංශ ආරම්භ කරමින් 1 C ශ්‍රේණියේ පාසලක් බවට ධර්මපාල මහා විද්‍යාලය නම් කළේය.

හිටපු රත්නපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සිරිපාල මංචනායක මැතිතුමත්, වත්මන් විදුහල්පති N.M. සුගත් රාජපක්ෂ මැතිතුමත් ඒ.අාර්. ධනවර්ධන මහත්මා හා එක්ව උසස් පෙළ දරුවන්ගේ අධ්‍යාපනය මෙහෙයවූ අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනයට දරුවන්ගේ ප්‍රවේශය එතැන් පටන් ආරම්භ විය.

විද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට විදුහල්පතිතුමා මහා කැපවීමක් විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නේ ය.

2004 වර්ෂයේ දී නැවතත් මෙම විද්‍යාලය වෙනසකට භාජනය විය. ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලය මෙම විද්‍යාලයට නැවත ඒකාබද්ධ කෙරිණි. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික විද්‍යාලයේ ද , 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලෙය් ද පන්ති පැවැත්වීමට තීරණය විය.ඒ එවකට විදුහල්පති J.M.M. රණතුංග විදුහල්පතිතුමාගේ නායකත්වයෙන් යුත් කාලයේය. ලංකාවේ පළාත්සභා පාසල් අතර ඉහළම ශිෂ්‍ය සංඛ්‍යාවකින් යුත් පාසල බවට මෙම විද්‍යාලය පත්වූයේ එම කාලයේය.

 

 

මෙම විද්‍යාලයීය ඉතිහාසයේ යම් යම් යුගයන්හි දී පරිහානි කාල උදා වුවද එකී තත්වයන්ගෙන් විද්‍යාලය මුදවා ගන්නට ප්‍රයත්න දැරූ හා යම් ප්‍රතිඵලයන් අත්කරගත් විදුහල්පතිවරුන් ලෙස ඩබ්ලිව්.ඒ. සෝමදාස වීරසිංහ මැතිතුමාත්, J.M.M. රණතුංග මැතිතුමාත්, B.A. ආරියදාස මැතිතුමාත් සිහිපත් කළ යුතුවේ.

2013 වර්ෂයේදී නැවත වෙනසකට භාජනය වෙමින් 2013 1.27 දින ර/ඇහැලියගොඩ ‍ප්‍රාථමික විද්‍යාලය නැවත තනි පාසලක් ලෙස වෙන්වූ අතර ඇලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය 6 – 13 ශ්‍රේණි සහිත පාසලක් බවට පත්විය. එහෙත් ඉඩකඩ මදිවීම නිසා 6 අංශය මේ වන විටත් ඇලියගොඩ ප්‍රාථමික විද්‍යාලයීය භූමියේ ස්ථාපිත කර ඇත. ඒ වෙනුවෙන් ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති U. සරත් ගුණතිලක මහත්මාට ස්තුතිවන්ත විය යුතුය.

2013 ජුලි මස 10 වන දින උසස් පෙළ විද්‍යා අංශය ඇරඹීමත් සමඟ ර/ ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය 1 AB පාසලක් ලෙසට උසස් වූයේ B.A. ආරියදාස විදුහල්පතිතුමාගේ කාලයේ ය. විද්‍යාලෙය් ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ආරම්භයද මෙකල සිදු විය. එකී සංවර්ධනය උදෙසා B.A.ආරියදාස විදුහල්පතිතුමාගේ නායකත්වය ද අගය කළ යුතුය.

තාක්ෂණික විද්‍යාගාරයක් පාසලට එක්වීමත් සමඟ උසස් පෙළ විද්‍යා අංශය ආරම්භ විය. 2015.04.28 දින එම තාක්ෂණික විද්‍යාගාරය විවෘත වූයේ විද්‍යාලයට අභිමානයක් එක්කරමිනි.

2014 වර්ෂයේ සිට ර/ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලයේ ගමන් මග සුවිශේෂී ප්‍රගතියක් අත් කරගනිමින් පවතින්නේ වත්මන් විදුහල්පති ඇන්.ඇම්. සුගත් රාජපක්ෂ මැතිතුමාගේ විශිෂ්ට නායකත්වයෙන් වීම සිසු , ඇදුරු සියල්ල පමණක් නොව අවට ප්‍රජාවද අවිවාදයෙන් පිළිගන්නා සත්‍යයකි.

විදුහල්පතිවරයා යනු පළමු පෙළ රේඛීය කළමනාකරුවෙකු වන අතර ඒ බව ඉතා කෙටි කාලයක් තුළ මනාවට පැහැදිලි කළ මෙතුමාගේ සුවිශේෂී බව නම් විද්‍යාලයේ හුදු මහත් සෑම අංශයක් පිළිබඳව ම අධීක්ෂණය කරමින් ඒ සියලුම අංශයන්හි ප්‍රගතිය කරා ගෙන යාම උදෙසා ආචාර්ය මණ්ඩලයක් දක්ෂතා හඳුනාගෙන ඒවායින් නිසි ඵල නැත අතිවිශිෂ්ට නායකයෙකි.

සිසු දරු දැරියන් උදෙසා ගොඩනැගිලි ඉඩකඩ පහසුකම් හා වෙනත් පහසුකම් සපයමින් පැවතුනත්, ප්‍රාථමික විද්‍යාලයේ හා ඇහැලියගොඩ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ කොටසක ද පන්ති . වසරින් වසර මෙම විද්‍යාලයට ලැබෙන සිසු අයදුම්පත් ප්‍රමාණය වර්තමානය වන විට සීඝ්‍ර ලෙස ඉහළ යමින් ද ඇත්තේ වත්මන් විදුහල්පති එන්.එම්. සුගත් රාජපක්ෂ මහත්මාගේ විශිෂ්ට නායකත්වය තුළින් මේ වන විට විද්‍යාලය අත් කර ගත් සුවිශේෂී ජයග්‍රහණ රාශියක් වන අතර දිනෙන් දින මෙම විද්‍යාලය බැබලෙමින් පවතින පාසලක් බව පැවසිය යුතුය.


තවද මෙම පාසල 2021 වසරේ 05 වන මස 10 වන දින ජාතික පාසලක් ලෙස නම් කෙරිණි.

 

ආරම්භ කළ වර්ෂය

1926 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

16

මුල් ගුරුතුමාගේ නම

ඒ. එම්. පෙරේරා මහතා

පාසලේ ආදි කතෘගේ නම

ඒ.වර්ණකුලසූරිය මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

කැන්දන්ගමුව මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

කේ.එම්.මුදලිහාමි මහතා

පාසල රජයට පවරාගත් දිනය

1926 නොවැම්බර් 27

පාසල පැවැත්වූ ස්ථානය

 කෑගල්ල දිස්ත්‍රික්කයේ අටුලුගම පනාවල් දෙකෝරලයේ ඇහැලියගොඩ කැන්දන්ගමුව ග්‍රාමයේ, ඉහළගම වසමේ වර්තමාන ධර්මපාල මහා විද්‍යාලය පවතින උස් භූමි බාගය එවකට වන්නකු අප්පුහාමි මහත්මාගේ ඉඩම්  පරිත්‍යාගයෙන් ‍ප්‍රාථමික විද්‍යාලයක් බවට පත් විය. ඒ එක ම පාසල් ගොඩනැගිල්ලකින් යුතුවය.

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඩබ්.එම්.වන්නකු අප්පුහාමි

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

එස්.ටී.ජී.චන්ද්‍රාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1926 මාර්තු 18

 

 

 

 

Eheliyagoda Dharmapala M.V.

ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය (ජාතික පාසල)

රත්නපුර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය R/Eheliyagoda Dharmapala Maha Vidyalaya,Eheliyagoda
  • දුරකථන(+94) 36 2258306
  • ෆැක්ස්(+94) 36 2258306

Supported By

© 2026 Eheliyagoda Dharmapala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk