නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
විද්‍යාව හා කලාව පෙනහැලි හා හෘදවස්තුව මෙන් බෙහෙවින් ඒකාබද්ධව පවතී. එක් ඉන්ද්‍රියක් අකර්මණ්‍ය වුවහොත් අනෙක් ඉන්ද්‍රියටද ක්‍රියා කරවිය නොහැක. නියම විද්‍යාවෙන් කෙරෙනුයේ අතිශයින් වැදගත් යැයි සලකනු ලබන සත්‍යයක් පිළිබඳව පරික්ෂණ පවත්වමින් සත්‍ය අනාවරණය කිරීමයි.
කලාවෙන් කරනුයේ මෙම සත්‍යයන් සංජානන ක්ෂේත්‍රයක සිට භාව ක්ෂේත්‍රය වෙත ආරෝපණය කිරීමයි. ගුරුවරයා විසින් මෙම දෙකෙහිම සිටිය යුතු අතර සමාජය සමතුලිත කිරීමට දක්ෂ විය යුතුය. එවිට හොඳ පුරවැසියන් සමාජයට දායාද වෙයි. පාසල, දැනුම පමණක් සීමා වීම නිසා අප පතන සමාජයක් සෝදාපාළුවට ලක් වීම වැලැක්විය නොහැකිය.
H.K. ආරියදාස මයා
(නියෝජ්‍ය විදුහල්පති)
(විෂය සමගාමී)
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ක්‍රීඩා, නැටුම්,සංගීත,ශිෂ්‍ය භට, ශිෂ්‍ය නායක, පරිසර භට, ශාන්ත ජෝන්....
ඉහත ප්‍රතිඵල අනුව අප විද්‍යාලයේ විෂය සමගාමී ක්‍රියාකාරකම් ඉතා උසස් මට්ටමක පවතී. ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සිසු පිරිසක් බිහි කිරීමට අප විද්‍යාලයේ ගුරු භවතුන් සමත්ව ඇත. අනාගතයේ තව තවත් ජයග්‍රහණ ලබමින් පාසලට කීර්තියක් ලබා ගැනීමට ආදරණීය දූ පුතුන්ට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
ශාන්ත කුමාර ප්‍රේමනායක
(නියෝජ්‍ය විදුහල්පති)
(විෂය සමගාමී)


