වසර 96ක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ර/ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය අනගාරික ධර්මපාල තුමන්ගේ සංකල්පයක් යටතේ මුළු ලංකාව පුරා පිහිටවනු ලැබූ ධර්මපාල මහා විද්‍යාලයන්ගෙන් එකකි.
සබරගමුව පළාතේ, රත්නපුර අධ්‍යාපන කලාපයේ, ඇහැලියගොඩ කොට්ඨාසයේ අද වන විට දීප්තිමත් ජාතික පාසලක් වන අප විද්‍යාලය ක්‍රිස්තු වර්ෂ 1926 දී සිසු සිසුවියන් 16 දෙනෙකු හා ගුරුභවතුන් දෙදෙනෙකු සමගින් ඒ. එම්. පෙරේරා මුල් ගුරුතුමගේ නායකත්වයෙන් කෑ/කැන්දන්ගමුව ප්‍රාථමික විද්‍යාලය යන මුල් නමින් කුඩා ගොඩනැගිල්ලකින් ආරම්භ විය.
එම නිසා අප විද්‍යාලය ආරම්භයේ දී ආදි නිර්මාතෘවරු ලෙස ඉහත සඳහන් සියලු දෙනාගේම දායකත්වය සඳහන් කළ හැකි අතර එක් නිශ්චිත පුද්ගලයෙකු සිටිනු ඇතැයි කිව නොහැක.